brand logo
logo
නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ දුම්වැටි තොගයක් විනාශ කරයි

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ දුම්වැටි තොගයක් විනාශ කරයි

29 October 2026 | ටී.කේ.ජී.කපිල-කටුනායක


කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් හැට අට ලක්ෂයක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් අද (29) දින දහවල් වත්තල , කෙරවලපිටිය වෙස්ටර්න් පවර් විදුලි ජනන බලාගාරයේ දී විනාශ කර තිබේ.


විසි අට ලක්ෂයක් වන මෙම විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගය , ඉකුත් 2026 අප්‍රියෙල් මස 01 දින සිට ජූලි මස 31 දින දක්වා , විවිධ රටවල සිට අසත්‍ය ප්‍රකාශ සිදු කරමින් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් තිබූණි .


මෙසේ විනාශ කළ දුම්වැටි තොගය මෙරට වෙළද පොළෙහි අලෙවි කළේ නම් එයින් රුපියල් හතලිස් තුන් කෝටි අනූ ලක්ෂයක බදු ආදායමක් රටට අහිමි වී යාමට ඉඩ තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක , රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා මහතා පැවසීය .


 මෙම දුම්වැටි තොගය කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන , රේගු පරීක්ෂණ නිමා කර ගුවන් තොටුපොළ ගුදම් ගබඩා තුළ රදවා තබා තිබූ ඒවා වේ .


මෙම අවස්ථාවට ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විශාල පිරිසක් පැමිණ සහභාගී වී සිටියහ .

 

More News..