brand logo
logo
සරසවි ආචාර්යවරු අද වර්ජනයක

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

09 September 2026 | නිර්මාණි තිලකසිරි

විශ්වවිද්‍යාලවල පවතින ආචාර්යවරුන්ගේ හිඟය සහ කලක සිට පවතින තවත් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් සියලු රාජ්‍ය විශ්වවිද්‍යාල ආවරණය වන පරිදි අද (09 වැනිදා) එක් දින වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ලේකම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ සඳහන් කරයි.


ඔහු මේ බව පවසා සිටියේ ඊයේ (08 වැනිදා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.


මෙහිදී හෙතෙම පවසා සිටියේ මේ වනවිට පවතින රාජ්‍ය විශ්වවිද්‍යාල දාහත නිසි පරිදි පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් යටතේ ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කළ පරිදී නව විශ්වවිද්‍යාල පනහක් ඉදිකිරීම ප්‍රායෝගික නොවන බවයි.


එමෙන්ම මෙහිදී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා මෙසේද පැවැසීය.


ජනාධිපතිවරයා දවස් කිහිපයකට කලින් කියනවා විශ්වවිද්‍යාල පනහක් අලුතින් ආරම්භ කරනවා කියලා. නමුත් මේ වන විට පවතින විශ්වවිද්‍යාලවලත් අලුතින් පීඨ ආරම්භ කරන්න ඉඩ දෙන්නේ නෑ. අලුතින් අධ්‍යන අංශ ඇති කරන්න ඉඩ දෙන්නේ නෑ. එවැනි තත්ත්වයක තියෙන විශ්වවිද්‍යාල දාහතත් පවත්වගන්න බැරිව නව විශ්ව විද්‍යාල ඇති කරා කියලා ගුණාත්මක අධ්‍යාපනයක් දෙන්න පුළුවන් කියලා හිතන්න බෑ.

 

More News..