මහ බැංකුව මූල්‍ය ආයතන 11කට එරෙහිව දඩ මුදල් පනවයි
21 July 2026
මහ බැංකුව මූල්‍ය ආයතන 11කට එරෙහිව දඩ මුදල් පනවයි
21 July 2026
2006 අංක 06 දරණ මුදල් ගණුදෙනු වාර්තා කිරීමේ පනතේ ප්‍රතිපාදනවලට අනුකූලව කටයුතු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විසින් මූල්‍ය ආයතන 11කට එරෙහිව දඩ මුදල් පනවා තිබේ.
පසුගිය වසරේ ඔක්තෝබර් සහ මේ වසරේ මාර්තු යන කාල සීමාවන් අතර සිදුවූ නීතී උල්ලංගණය කිරීම් සැලකිල්ලට ගනිමින් මෙම දඩ මුදල් පනවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩ පැවැත්වීමේ නියාමන ආයතනය ලෙස ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය විසින් ආයතන 11කට රුපියල් මිලියන 14.6ක දඩ මුදලක් නියම කර ඇති බව සඳහන් වෙයි.
මේ අතර, පරිපාලනමය දණ්ඩනය ලෙස අය කරගෙන ඇති අදාළ සියලු මුදල් ඒකාබද්ධ අරමුදලට බැරකර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

