brand logo
logo
 රාවණා ඇල්ල බලන්න එන  සංචාරකයන් දැඩි අසීරුතාවයක

රාවණා ඇල්ල බලන්න එන සංචාරකයන් දැඩි අසීරුතාවයක

24 September 2026 | පාලිත ආරියවංශ බදුල්ල

බණ්ඩාරවෙල -ඇල්ල, රාවනාඇල්ල දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ශනීය දිනූ සුන්දර දියඇල්ලකි.


මාලා කීපයකින් ඇද හැලෙන රාවනාඇල්ල ඉදිරියේ ඇති නැරඹුම් වේදිකාව අබලන්වීම නිසා එම වේදිකාවට ඇතුල්වීම සංචාරකයන්ට තහනම් කරමින් බණ්ඩාරවෙල ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාලය විසින් දැන්වීමක් සවිකර මාස කීපයක් ගතවී ඇතත් මෙතෙක් පිළිසකර කර නැතැයි ප්‍රදේශවාසීහු පවසති.


මේ අතර දියඇල්ල ඉදිරියේ එම ස්ථානයේ පොලිසිය විසින් සවි කර ඇති පුවරුවක් නිසා දියඇල්ලේ දර්ශන පථය වැසී ඡායාරූප සහ වීඩියෝ දර්ශන බාධඇති වි ඇතැයි ද සංචාරකයෝ මැසිවිලි නගති.


පොලිසියේ පුවරු මෙම ස්ථානයෙන් ඉවත් කර වෙනත් ස්ථානයක සවිකරන ලෙසත් නැරඹුම් වේදිකාව ඉක්මනින් ප්‍රතිසංස්කරණය කර දෙන ලෙසත් සංචාරකයෝ සහ සංචාරක මග පෙන්වන්නෝ වගකිවයුතු අයගෙන් ඉල්ලා සිටිති.


මේ දිනවල දියඇල්ලේ ජලය වැඩිවමීත් දියඇල්ල සමීපයට නොයන ලෙසට අවවාද කර තිබේ.


මේ තත්වය හමුවේ නැරඹුම් වේදිකාව තහනම් වීමනිසා මහ පාරේ සිට සංචාරකයින් දියඇල්ල නරඹති,ඡායාරූප ගනිති. 


මෙම මාර්ගය කුඹල්වෙල - වැල්ලවාය ප්‍රධාන මාර්ගය වන අතර බහුලව වාහන ධාවනය වන බැවින් මෙම මාර්ගයේ සිට දියඇල්ල නැරඹිම මෙන්ම මෙම ස්ථානයේ සිට ඡායාරූප සහ වීඩියෝ දර්ශන ගැනීමේදි සංචාරක යන්ගේ ආරක්ෂාවටද තර්ජනයක් වී ඇතැයි සංචාරක මග පෙන්වන්නෝ පෙන්වාදෙති.



 

More News..