brand logo
logo
 ඊශ්‍රායලයේ රැකියා සඳහා ලාංකිකයින් 2771ක්

ඊශ්‍රායලයේ රැකියා සඳහා ලාංකිකයින් 2771ක්

03 May 2024



2024 වසරේ මුල් මාස හතරේ දී ශ්‍රි ලාංකිකයින් 2771 දෙනකු ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි .


ශ්‍රී ලංකා රජය හා ඊශ්‍රායලය අතර ඇති කරගන්නා ලද අවබෝධතා ගිවිසුම අනුව ලාංකිකයින්ට ඊශ්‍රායලයේ සාත්තු සේවා, කෘෂිකාර්මික හා ඉදිකිරීම් යන ක්ෂේත්‍ර තුනට අදාලව රැකියා හිමිවේ.


ඒ අනුව සාත්තු සේවා වෘත්තිය සඳහා ලාංකිකයින් 409 ක් ද, ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා 804 දෙනෙකු හා කෘෂිකාර්මික ක්ෂේත්‍රය සඳහා 1558 දෙනකුද පිටව ගොස් තිබේ. මීට අමතරව මැයි මාසයේ මුල් සති දෙකේ තවත් ලාංකිකයින් 172 ක් ඊශ්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා සඳහා පිටත්ව යාමට නියමිතව ඇත.


2023 වසරේ ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇත්තේ ලාංකිකයින් 1912 දෙනෙකු පමණක් වන අතර, ඒ අනුව ශ්‍රි ලාංකිකයින් ඊශ්‍රායල් රැකියා සඳහා යොමුවීමේ විශාල වර්ධනයක් මෙම වසරේදී පෙන්නුම් කරන බව කාර්යංශය පවසයි.

 

More News..