නීතිවිරෝධී සුරුක්කු දැල් තොගයක් නාවික හමුදා භාරයට
22 October 2026
නීතිවිරෝධී සුරුක්කු දැල් තොගයක් නාවික හමුදා භාරයට
22 October 2026
මඩකලපුව, කාත්තන්කුඩි පොලිස් බලප්රදේශයට අයත් පාලමුනේ මුහුදු ප්රදේශයේදී නාවික හමුදාව විසින් ඊයේ සවස සිදුකළ හදිසි වැටලීමකදී රුපියල් ලක්ෂ හයහමාරක් පමණ වටිනා නීතිවිරෝධී සුරුක්කු දැල් තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.
ධීවර අමාත්යාංශය විසින් සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති සුරුක්කු දැල් භාවිත කරමින් පාලමුනේ මුහුදු ප්රදේශයේ නීතිවිරෝධී ලෙස මසුන් අල්ලන බවට නාවික හමුදාවට ලැබුණු රහසිගත තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත.
එහිදී අත්අඩංගුවට ගත් මීටර් 165ක් දිගැති නීතිවිරෝධී දැල් තොගය, ඉදිරි නීතිමය කටයුතු සඳහා මඩකලපුව දිස්ත්රික් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත නිල වශයෙන් භාර දී තිබේ.
අදාළ නීතිවිරෝධී දැල් තොගය ඉදිරියේදී මඩකලපුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව දිස්ත්රික් ධීවර දෙපාර්තමේන්තු නිලධාරීහු වැඩිදුරටත් සඳහන් කළේය.

