brand logo
logo
ආනයනික බඩඉරිඟු සඳහා පනවා ඇති වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළට

ආනයනික බඩඉරිඟු සඳහා පනවා ඇති වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළට

06 May 2026

ආනයනික බඩඉරිඟු සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහළ නැංවීමට රජය පියවර ගෙන තිබේ.


මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනයකට අනුව, ආනයනික බඩඉරිඟු කිලෝග්‍රෑමයක් සඳහා වන බද්ද රුපියල් 50 දක්වා වැඩි කර ඇත.


මෙම සංශෝධිත බදු අනුපාතය 2026 මැයි 5 වන දින සිට 2026 දෙසැම්බර් 31 වන දින දක්වා බලපැවැත්වෙන බව මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.


එමෙන්ම, 2025 දෙසැම්බර් 31 දින නිකුත් කළ අංක 2469/12 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය යටතේ පැවති පෙර බදු නියමයද මේ සමඟ සංශෝධනය කර තිබේ.


මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේදී 2026 මැයි 04 දින මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

 

More News..