ඇඟිලි සලකුණු නැතිව රේගු නිලධාරීන් කෝටි 115ක දීමනා අරන්
14 October 2025 | නිලන්ත මදුරාවල
ඇඟිලි සලකුණු නැතිව රේගු නිලධාරීන් කෝටි 115ක දීමනා අරන්
14 October 2025 | නිලන්ත මදුරාවල
රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පසුගිය වර්ෂයේ දී අතිකාල ඇතුළු දීමනා වෙනුවෙන් රුපියල් කෝටි එකසිය පහළොවකට අධික මුදලක් ගෙවා ඇතත් එම ගෙවීම් තහවුරු කිරීමට සේවයට වාර්තා කිරීමේ ඇඟිලි සලකුණු වාර්තා ඉදිරිපත් කර නොමැත.
අතිකාල වශයෙන් රුපියල් අනූ අට කෝටි අසූ දෙලක්ෂයක් , නැව් බඩු පරීක්ෂා කිරීමේ ගාස්තු ලෙස රුපියල් පහළොස් කෝටි තිස් පන් ලක්ෂයක් හා තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන ගාස්තු ලෙස රුපියල් එක්කෝටි දහනව ලක්ෂයක පමණ මුදලක් මෙලෙස රේගු නිලධාරීන්ට ගෙවා ඇත.
රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අතිකාල හා නිවාඩු දින රාජකාරි වෙනුවෙන් ගෙවීම් කරනු ලබන්නේ සාමාන්‍යයෙන් රාජ්‍ය නිලධාරීන්ට අතිකාල සහ නිවාඩු දින රාජකාරි වෙනුවෙන් ගෙවීම් කරන ආයතන සංග්‍රහයේ විධිවිධාන අනුව නොවන බවත් රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ආණ්ඩුවට කරනු ලබන සේවයක් වෙනුවෙන් ගාස්තුවක් ලබා ගැනීමේ හැකියාවක් ඇති බවත් මේ සම්බන්ධයෙන් විගණන කාර්යාලය කර තිබෙන විමසුමට කළමනාකරණ අංශ දන්වා ඇත.
කෙසේ වුව ද රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ හා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ නිර්දේශ අනුව ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිත කළ යුතු බව විගණන කාර්යාලය නිර්දේශ කර තිබේ.

