brand logo
logo
  ඩෙංගු රෝගීන් 89,000 ඉක්මවයි

ඩෙංගු රෝගීන් 89,000 ඉක්මවයි

08 August 2026


වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 89,033ක් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.


මේ මාසයේ මුල් දින 07 තුළ පමණක් රෝගීන් 3686 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.


පසුගිය ජූලි මාසයේදි රෝගීන් 29,973ක් වාර්තා වූ අතර එය මෙම වසරේදී මසක් තුළ වාර්තා වූ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවයි.


මේ අතර වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 64කි.


 

More News..