මහජන හදිසි තත්ත්වය මසකින් දීර්ඝ කිරීම වැඩි ඡන්දයෙන් සම්මතයි
06 February 2026
මහජන හදිසි තත්ත්වය මසකින් දීර්ඝ කිරීම වැඩි ඡන්දයෙන් සම්මතයි
06 February 2026
ප්‍රකාශයට පත් කර ඇති මහජන හදිසි තත්ත්වය තවත් මසකින් දීර්ඝ කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡන්ද 104කින් සම්මතවී තිබේ.
අදාළ යෝජනාවට පක්ෂව ඡන්ද 106ක් හිමි වූ අතර විපක්ෂව හිමිවූයේ ඡන්ද 02ක් පමණය.
මේ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා විසින් ඡන්දයක් ඉල්ලා සිටින ලදී.
ඒ අනුව පනත් යෝජනාවට පක්ෂව ඡන්ද 106ක් හිමි වූ අතර ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් සහ සෙල්වම් අඩෛක්කලනාදන් යන මහත්වරුන් ඊට විපක්ෂව ඡන්දය ලබා දුන්නහ.
මහජන ආරක්ෂක ආඥා පනතේ විෂය අංක 80 යෝජනා සම්මතය වැඩි ඡන්ද 104කින් සම්මත වූ බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමනායක මහතා දැනුම්දුන්නේය.
මේ අතර අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා ඒකමතිකව සම්මත කරගන්නා ලදී.

