බැකෝ සමන්ගේ රුපියල් මිලියන 40ක් වටිනා දේපොළ අත්හිටුවයි
05 October 2026
බැකෝ සමන්ගේ රුපියල් මිලියන 40ක් වටිනා දේපොළ අත්හිටුවයි
05 October 2026
ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට පත් සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු නිර්මල ප්‍රසංග, නොහොත් 'බැකෝ සමන්'ට අයත් බව කියන රුපියල් මිලියන 40ක් වටිනා දේපළ සහ බැංකු ගිණුම් ක්‍රියාවිරහිත කිරීමේ නියෝගයක් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් නිකුත් කර තිබේ.
අදාළ නියෝගය ඔක්තෝබර් 5 සිට වැඩ කරන දින 14ක් සඳහා බලපැවැත්වෙන බව සඳහන්ය.
එම දේපොළ අතර රුපියල් මිලියන 20ක් වටිනා අධි සුඛෝපභෝගී බෙන්ස් රථයක් පෞද්ගලික බැංකු දෙකක රුපියල් මිලියන 20ක ස්ථාවර ගිණුම් තැන්පතු දෙකක් ඊට ඇතුළත්ය.
නිමන්ති ෆොන්සේකා නමැති කාන්තාවකගේ නමින් අදාළ දේපොළ මිලදී ගෙන ඇති බවට තොරතුරු වාර්තා වෙයි.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සී.ඩබ්ලිව්. වික්‍රමසේකර මහතාගේ අධීක්ෂණයෙන් ක්‍රියාත්මකය.

