සේවක වැටුප් ගෙවීම සම්බන්ධයෙන් නව යෝජනාවක්
25 January 2023
සේවක වැටුප් ගෙවීම සම්බන්ධයෙන් නව යෝජනාවක්
25 January 2023
මාසික වැටුප් සතිපතා ගෙවීමට හැකි ක්‍රමවේදයක් සකස් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල යෝජනාවක් කරයි.
අද (25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පවසා සිටියේ, එලෙස සිදුකිරීමෙන් දැවැන්ත මුදලක් එක්වර සොයාගැනීමේ අභියෝගය රජයට මුහුණදීමට සිදුනොවන බවය.
වැටුප් ගෙවීමත් වැටුප් ලබන්නාත් යන දෙදෙනාම ණය උඟුලේ සිරවීම ඉන් වැළකී යන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
"සතිපතා වැටුප් ලැබීමේ දී ඒ සතියට ලැබෙන්නේ ඒ සතියේ වියදම පමණක් නිසා අවසාන සතියේ දී මුදල් වියදම් වෙලා ණයට ගැනීමේ අවශ්‍යතාවය මතුවෙන්නේ නෑ. ඒ වගේම ආණ්ඩුවට වේවා පෞද්ගලික අංශයට වේවා දැවැන්ත මුදලක් එකවර සොයාගැනීමේ පීඩනය මතුවෙන්නේ නෑ. වැටුප් ගෙවන්නාත් වැටුප් ලබන්නාත් දෙන්නම ණය උඟුලේ සිරවීමේ අවධානමෙන් මුදාගැනීමට සතිපතා වැටුප් ගෙවීම පිටුවහලක් වෙනවා. ඒ වගේම ලෝකයේ බොහෝ රටවල දැන් වැටුප් ගෙවන්නේ සති පතා හෝ දෙසතියකට වරක් මිස මාස් පතා නොවන බවත් සිහිපත් කරන්න ඕනෑ."