පොදුජන පෙරමුණේ ප්‍රබල කාන්තා බල කණුවක් සර්වජන බලය සමග එක්වෙයි
05 August 2026
පොදුජන පෙරමුණේ ප්‍රබල කාන්තා බල කණුවක් සර්වජන බලය සමග එක්වෙයි
05 August 2026
අනුරාධපුර මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රිනී සහ පොදුජන පෙරමුණේ හිටපු අනුරාධපුර දිස්ත්‍රික් කාන්තා සංවිධායිකා වන එස්. ආර්. ඒ. එස්. රේණුකා සමරතුංග මහත්මිය, ඊයේ (04) වන දින සර්වජන බලය අනුරාධපුර දිස්ත්‍රික් කාන්තා සංවිධායිකා ලෙස නිල වශයෙන් පත් කෙරිණි.
එම පත්වීම් ලිපිය සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක දිලිත් ජයවීර මහතා විසින් ප්‍රදානය කරන ලදී.
මෙම අවස්ථාවට සර්වජන බලයේ මහ ලේකම් නීතිඥ රංජන් සෙනවිරත්න මහතා ද එක්ව සිටි අතර, අනුරාධපුර දිස්ත්‍රික්කයේ පක්ෂ සංවිධාන කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා නව දිස්ත්‍රික් කාන්තා සංවිධායිකාගේ දායකත්වය වැදගත් වනු ඇති බව එහිදී අවධාරණය කෙරිණි.

