ට්‍රැක්ටරයකට යටවී අවුරුදු 3ක දරුවෙකු ජීවිතක්ෂයට
22 August 2026
ට්‍රැක්ටරයකට යටවී අවුරුදු 3ක දරුවෙකු ජීවිතක්ෂයට
22 August 2026
කිලිනෝච්චිය, මුරුසමොටේ ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 3ක දරුවෙකු ඊයේ (21) රාත්‍රියේ ට්‍රැක්ටර් රථයකට යටවී ජීවිතක්ෂයට පත්ව තිබේ.
මියගිය දරුවා සහ ඔහුගේ සහෝදරයා නිවසේ නවතා තිබූ ට්‍රැක්ටර් රථයේ ට්‍රේලරයට නැග සෙල්ලම් කරමින් සිට ඇත.
එම අවස්ථාවේ ඥාතියෙකු විසින් එම ට්‍රැක්ටර් රථය පණගන්වා, දරුවන් ට්‍රේලරය තුළ සිටියදීම මිදුලේ හැරවීමට කටයුතු කර තිබේ.
එම අවස්ථාවේ ට්‍රැක්ටර් රථයෙන් ඇදවැටුනු දරුවා පිටුපස රෝදයට යටවීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.
අනතුරෙන් පසු බරපතළ තුවාල ලැබූ දරුවා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
ට්‍රැක්ටර් රථය පැදවූ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, කිලිනොච්චිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

