ප්‍රවීණයන්ගේ හොකී ලෝක කුසලාන විනිශ්චයට මෙරටින් මහේෂ් අබේවික්‍රම
28 July 2026
ප්‍රවීණයන්ගේ හොකී ලෝක කුසලාන විනිශ්චයට මෙරටින් මහේෂ් අබේවික්‍රම
28 July 2026
මේ වනවිට නෙදර්ලන්තයේ රොට්රඩෑම්හි පැවැත්වෙන සිව්වැනි ප්‍රවීණයන්ගේ හොකී ලෝක කුසලාන තරගාවලියේ විනිශ්චයකරුවෙකු ලෙස මෙරට ජාත්‍යන්තර හොකී විනිසුරු මහේෂ් අබේවික්‍රම එක්ව සිටියි. ඔහු මින් පෙර 2 වැනි ප්‍රවීණයන්ගේ හොකී ලෝක කුසලාන තරගාවලිය සඳහා ද විනිසුරුවරයෙකු ලෙසින් එක්ව ඇත.
මෙවර නෙදර්ලන්තයේ පැවැත්වෙන ලෝක කුසලානයේදී ආසියාව නියෝජනය කරන එකම විනිසුරුවරයා මොහු වන අතර වසර 100 කට ආසන්න ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකා හොකී ක්‍රීඩාවේ, ශ්‍රී ලංකාවෙන් බිහිවූ 07 වන ජාත්‍යන්තර ජාතික විනිසුරුවරයා ලෙසට ද මහේෂ් අබේවික්‍රම ඉතිහාසයට එක්වෙයි. මේ වනවිට ශ්‍රී ලංකාවෙන් බිහිවී ඇති ජාත්‍යන්තර හොකී විනිසුරුවන් ගණන 13 කි.
ජාතික මට්ටමේ තරගාවලි රාශියක වසර ගණනාවක් විනිසුරුවරයෙකු ලෙස කටයුතු කර ඇති මහේෂ්, කොළඹ ආනන්ද මහා විදුහලේ ආදි සිසුවෙකි. 2006 වසරේ ලංකාවේ පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළලේ ඉන්දීය - පාකිස්තාන් තරගයේ විනිසුරුවරයෙකු ලෙස සහභාගී වූ ඔහු ලංකාවේ පැවති ප්‍රථම ජාත්‍යන්තර හොකී තරගය විනිශ්චය කරන ලද ප්‍රථම ශ්‍රී ලාංකික විනිසුරුවරයා ලෙස ශ්‍රී ලාංකේය හොකී ක්‍රීඩාවේ ඉතිහාසයට එක්විය.

