බණ්ඩාරවෙලට මත්කුඩු බෙදූ පුද්ගලයෙකු අත්අඩංගුවට
26 September 2026
බණ්ඩාරවෙලට මත්කුඩු බෙදූ පුද්ගලයෙකු අත්අඩංගුවට
26 September 2026
බණ්ඩාරවෙල ප්‍රදේශයේ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ පුද්ගලයකු බණ්ඩාරවෙල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම කාර්යාංශය වෙත ලද තොරතුරක් මත සිදු කළ විමර්ශනයකින් අනතුරු අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
මඩොල්සිම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරු කොළඹින් රැගෙන යන අයිස් මත්ද්‍රව්‍ය මෙලෙස බණ්ඩාරවෙල නගරයේ අලෙවි කිරීම සිදු කර ඇති බව සදහන්.
සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11යි මිලි ග්‍රෑම් 500ක් පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු හෙට (27) බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර බණ්ඩාරවෙල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදු කරයි.

