2027 විභාග පැවැත්වෙන දිනයන් ප්‍රකාශයට පත් කරයි
24 August 2026
2027 විභාග පැවැත්වෙන දිනයන් ප්‍රකාශයට පත් කරයි
24 August 2026
2027 වර්ෂයට අදාළ පාසල් විභාග පැවැත්වෙන දිනයන් විභාග කොමසාරිස් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය විසින් ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව, 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය 2027 අගෝස්තු 01 දින පැවැත්වීමට සැලසුම් කර තිබේ.
අ.පො.ස. උසස් පෙළ විභාගය 2027 අගෝස්තු 03 සිට 2027 අගෝස්තු 28 දක්වා පැවැත්වේ.
සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය 2027 ඔත්තොබර් 24 දින පැවැත්වෙන බව සඳහන් වෙයි.
මේ අතර, අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය 2027 දෙසැම්බර් 07 සිට 2027 දෙසැම්බර් 17 දක්වා පැවැත්වීමට තීරණය කර තිබේ.

