වෙඩිතබා ඝාතන කළ අයෙකුගේ දරුවෙකු ඝාතන තැතත් - දෙදෙනෙකු STF අත්අඩංගුවට
14 October 2026
වෙඩිතබා ඝාතන කළ අයෙකුගේ දරුවෙකු ඝාතන තැතත් - දෙදෙනෙකු STF අත්අඩංගුවට
14 October 2026
වෙඩිතබා ඝාතන කළ පුද්ගලයෙකුගේ දරුවෙකු ඝාතනයට සූදානම් වූ වෙඩික්කරුවකු හා යතුරුපැදිකරුවකු පොලිස් විශේෂ කාර්ය බළකායේ අත්අඩංගුවට පත්ව තිබේ.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්රව්ය ජාවාරම්කරුවෙකු වන දැනට විදේශගතව සිටින 'පලනි කැනිස්ටර්' පාර්ශවයේ ප්රධාන වෙඩික්කරුවකු හා පැදිකරුවෙකු බවට තොරතුරු අනාවරණය කරගෙන ඇත.
විශේෂ කාර්ය බළකා බුද්ධි කොට්ඨාශයට ලද බුද්ධි තොරතුරකට අනුව සිදුකළ මෙම වැටලීමේදී සැකකරුවන් සන්තකයේ තිබී ෂොට් කටස් වර්ගයේ ගිනි අවියක්, බෝර 12 උණ්ඩ 5ක්, අයිස් මත්ද්රව්ය ග්රෑම් 22යි මිලි ග්රෑම් 340ක්, ජංගම දුරකථනයක් හා ගමන් මල්ලක්ද සොයාගෙන තිබේ.
වැඩිදුර ප්රශ්න කිරීම්වලදී සැකකරුවන් පවසා ඇත්තේ, 'පලනි කැනිස්ටර්' පාර්ශවය මගින් 2025 වසරේ නොවැම්බර් මාසයේ 'අසේල' යනුවෙන් හැදින්වූ පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කර ඇති බවය.
ඔහුට 'පලනි කැනිස්ටර්' කණ්ඩායමට එකතුවීමට කරන ලද ඉල්ලීම ප්රතික්ෂේප කිරීම හේතුවෙන් එලෙස වෙඩිතබා ඝාතනය කර ඇති බවට අනාවරණය වී ඇත.
එම හේතුව පදනම් කරගෙන ඝාතනයට ලක්වූ අසේලගේ දරුවන් දෙදෙනාගෙන් එක් අයෙකුටද වෙඩිතැබීමට මෙම වෙඩික්කරු හා පැදිකරු යොදාගැනීමට කටයුතු කර ඇති බවට ප්රශ්න කිරීම්වලදී තොරතුරු වාර්තා වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 23 හැවිරිදි කොටහේන ප්රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඔවුන් හා නඩු භාණ්ඩ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොටහේන පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ.

