brand logo
logo
 දුම්රිය වෘත්තීය සමිති වැඩ වර්ජනයකට සැරසෙයි

දුම්රිය වෘත්තීය සමිති වැඩ වර්ජනයකට සැරසෙයි

12 September 2026



ඉදිරි සතිය තුළ දුම්රිය වෘත්තීය සමිති 27ක් විසින් පැය 48ක වැඩ වර්ජනය සැලසුම් කර තිබේ.


ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් අද (12) දිනයේ දී පැවැත්විය.


දුම්රිය ගමනාගමන කටයුතු ප්‍රමාද වීම, දුම්රිය අවලංගු කිරීම සහ දුම්රිය නිරන්තරයෙන් කාර්මික දෝෂයන්ට ලක්වීම පිළිබද මේ වන තෙක් නිසි පියවර නොගත් බවට පවසමින්, මෙම වැඩ වර්ජනයසංවිධානය කර තිබේ.


ඒ අනුව, ලබන 17 සහ 18 යන දෙදින තුළ පැය 48ක කාලයක වෘත්තීය සමිති 27කගේ සහභාගීත්වයෙන් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවට වාර්තා වේ.

 

More News..