roadBlockAd
brand logo
logo
ඇමරිකානු තීරු බද්ද 20 %ක් දක්වා අඩුකරයි

ඇමරිකානු තීරු බද්ද 20 %ක් දක්වා අඩුකරයි

01 August 2025

අමෙරිකානු එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතය 20%ක් දක්වා අඩුකර තිබේ.


ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයට අනුව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකම මෙලෙස තීරුබදු අනුපාත පහත හෙළා තිබේ.



මේ අතර ශ්‍රී ලංකාව ඇතුළු රටවල අපනයන සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද තීරු බද්ද අද (01 වැනිදා) සිට ක්‍රියාත්මකය.


වෙළෙඳ හිඟය මග හරවා ගැනීමට මෙලෙස අපනයන සඳහා අන්‍යෝන්‍ය තීරු බදු පනවන බව ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා සිටියේය.


ඇමරිකා එක්සත් ජනපදය විසින් මෙරට අපනයන සඳහා ඉකුත් අප්‍රේල් මාසයේදී සියයට 44 ක තීරු බද්දක් පැනවූ අතර, පසුව එය දින 90 ක් දක්වා කල් දැමීමට තීරණය කරන ලදී.


එරට විසින් මෙරට අපනයන සඳහා මීට පෙර අයකරනු ලැබුවේ සියයට 10 ත් 12 ත් අතර තීරු බදු ප්‍රතිශතයකි.


ඇමරිකා එක්සත් ජනපදය තීරු බදු ඉහළ දැමීමෙන් පසුව ශ්‍රී ලංකාව එරට වෙළෙඳ නියෝජිත කාර්යාලය සමග නියෝජිත කණ්ඩායමක් ගොස් සාකච්ඡා කළේය. එමෙන්ම, ජනාධිපති අනුර කුමාර දිසානායක ද තීරු බදු අඩුකර ගැනීම සඳහා සාකච්ඡා කළේය.


 

More News..