brand logo
logo
හැර ගිය පෙම්වතා මන්තර බල‍යෙන් ගෙන්වන්න ගිය තරුණියට අත් වු ඉරණම

හැර ගිය පෙම්වතා මන්තර බල‍යෙන් ගෙන්වන්න ගිය තරුණියට අත් වු ඉරණම

23 September 2026

හැරගිය පෙම්වතා ගුරුකමක් කර නැවත ගෙන්වා දෙන බවට පොරොන්දු වී තරුණියකගෙන් රුපියල් හත් ලක්ෂ දහනම දහසක් මුදලක් වංචාකිරීම සහ විශ්වාසය කඩකිරීම යන චෝදනාවන්ට ලක්වු ගුරුන්නාන්සේ කෙනෙක් අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශන ආරම්භ කර ඇතැයි බණ්ඩාරවෙල පොලිසිය පවසයි.


බණ්ඩාරවෙල කොලතැන්න පදිංචි 23 හැවිරිදි තරුණියක් විසින් ඊයේ (22) දා මෙම පැමිණිල්ල ඉදිරිපත්කර ඇති අතර රක්ෂණ සමාගමක රැකියාව කර ඇය වසර 2 ක් තිස්සේ තරුණයෙක් සමග ප්‍රේම සම්බන්දයක් පවත්වාගෙන ගිය බවත් දැනට ඔහු විදේශ රටක රැකියාවක් කරන අතර ගෙවල් දෙනෙක්ම ප්‍රේම සම්බන්ධයට මුලදී කැමත්ත පලකර සිටියත් පසුව හදහන් නොගැලපෙන බව පවසා පෙම්වතා තමා සමග කතා නොකර මගහැර ඇති බව්ත් පැමිණිල්ලේ සදහන් කර තිබේ.


මේ නිසා මුහුණපොතෙන් දැනගත් ගුරුන්නාන්සේ කෙනෙකුට දුරකථන ඇමතුමක් දුන් විට හැර ගිය පෙම්වතා යළි ලංකර දීමට ගුරුකමක් කමක් කළහැකි බව බවසා තිබේ.


ගුරුන්නානසේ උපදෙස් දුන් පරිදි එම ගුරුකම සදහා රුපියල් එක් ලක්ෂ දහනම දහසක මුදලක් ATM යන්ත්‍රය කින්ද තවත් රුපියල් ලක්ෂ හයක මුදලක් ඔහුගේ බැංකු ගිනුමට හරහාද ලබාදුන් බවද පැමිණිලි කාරිය සඳහන් කර තිබේ.


වැඩේ ඉවර කර දෙන්නැයි අවස්ථා කීපයකදි ඉල්ලා සිටි නමුත් මේ වැඩේ ඉවර කරන්න නම් තවත් රුපියල් ලක්ෂ 15 ක මුදලක් ඉල්ලා සිටි අතර වැඩේ අවසන් නොකළ හොත් තමා විවිධ රෝගාබාධ සහ කරදර වලට ලක්වෙන බවට බියගැන්වීම නිසා මෙසේ පැමිණිලි කරන බවද ඇය පැමිණිල්ලේ සදහන් කර ඇතැයි

පොලිසිය පැවසීය.


බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන, බණ්ඩාරවෙල බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මයුර පෙරේරා බණ්ඩාරවෙල දිස්ත්‍රික්ක පොලිස් අධිකාරි රුවන් ප්‍රනාන්දු යන මහතවරුන්ගේ උපදෙස්මත බණ්ඩාරවෙල විශේෂ අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

More News..