brand logo
logo
රුපියල් 10,000ක අල්ලසක් ගත් වන ක්ෂේත්‍ර සහකාරවරයෙකු අත්අඩංගුවට

රුපියල් 10,000ක අල්ලසක් ගත් වන ක්ෂේත්‍ර සහකාරවරයෙකු අත්අඩංගුවට

09 October 2026


අල්ලස් චෝදනා මත වැල්ලවාය අඩවිවන කාර්යාලයේ වන ක්ෂේත්‍ර සහකාරවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.


සැකකරු විසින් හේන් වගා කරන දේවාලමංකඩ ප්‍රදේශයේ පිහිටි අක්කර තුනක පමණ රජයේ ඉඩම් අනවරසයෙන් ගස් කපා වගා කිරීම සම්බන්ධයෙන් නඩු පැවරීමකින් තොරව ඉඩමේ දිගටම වගා කටයුතු කරගෙන යාම සඳහා පුද්ගලයෙකුගෙන් අවස්ථා කිහිපයකදී මුදල් ලබා ගෙන පසුව එම කටයුතු කරදීම සඳහා මාසිකව රුපියල් 10,000ක බැගින් මුදල් ඉල්ලා තිබේ.


ඒ අනුව පැමිණිලිකරු විසින් යොමුකළ පැමිණිල්ලක් අනුව ඔක්තෝබර් මාසය සඳහා රුපියල් 10,000ක මුදලක් ලබා ගැනීම යන අල්ලස් චෝදනාව මත වැල්ලවාය අඩවිවන කාර්යාලයේ වන ක්ෂේත්‍ර සහකාරවරයෙකු මෙලෙස අල්ලස් කොමිසම විසින් ඊයේ (08) දිනයේදී අත්අඩංගුවට ගෙන ඇත.


අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටද නියමිතය.

 

More News..