තේ කර්මාන්ත ශාලාවක ගින්නක්
02 May 2026 | රංජිත් රාජපක්ෂ -හැටන්
තේ කර්මාන්ත ශාලාවක ගින්නක්
02 May 2026 | රංජිත් රාජපක්ෂ -හැටන්
නුවරඑළිය, රාගල බෲක්සයිඩ් ප්‍රදේශයේ තේ කර්මාන්ත ශාලාවක ඊයේ (01) ෙ විශාල ගින්නක් හටගෙන තිබේ.
අලුයම ඇති වූ ගින්නෙන් කර්මාන්ත ශාලාවට සහ එහි දේපළවලට විශාල හානියක් සිදුවී ඇති බවයි රාගල පොලිසියේ නිළධාරියෙකු කියා සිටියේ.
රාගල පොලිසිය, වතු හිමියන් සහ නුවරඑළිය නගර සභා ගිනි නිවන ඒකකය එක්ව ගින්න නිවා දැමීමට උත්සාහ කළද, ඒ වන විටත් පැතිර ගිය ගින්න හේතුවෙන් කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.
ගින්නට හේතුව තවමත් අනාවරණය වී නොමැති අතර,සිදු වූ හානිය මෙතෙක්ත ක්සේරු කර නොමැත.
සිද්ධිය වන අවස්ථාවේ කර්මාන්ත ශාලාවේ සේවකයින් 6 දෙනෙකු සිටි බවත් ඉන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති බවත් අනතුර පිලිබද පරික්ෂන පවත්වන රාගල පොලිසිය පවසයි
ගින්න සම්බන්ධයෙන් වැඩි දුර පරික්ෂණ රාගල පොලිසිය විසින් සිදු කරයි.

