සුඛෝපභෝගී ජීප් රථයක් නීතිවිරෝධී ලෙස ගෙන්වලා
25 January 2023
සුඛෝපභෝගී ජීප් රථයක් නීතිවිරෝධී ලෙස ගෙන්වලා
25 January 2023
නීතිවිරෝධී අයුරින් ආනයනය කර ව්‍යාජ ලියාපදිංචි අංකයක් සවිකර පරිහරණය කරමින් තිබූ රුපියල් කෝටියකට ආසන්න වටිනා සුඛෝපභෝගී ජීප් රථයක් සමග පුද්ගලයකු පිලියන්දල බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානය අසලදී අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය කියයි.
එම ජීප් රථයට කොළඹ ප්‍රසිද්ධ පුද්ගලික වැවිලි සමාගමකට අයත් ජීප් රථයක ලියාපදිංචිය අංකයක් සවි කරගෙන තිබූ බව පොලිසිය සඳහන් කරයි.
පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකායට ලද තොරතුරකට අනුව මෙම රථය සමග එහි සිටි පුද්ගලයා අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදී ජීප් රථයට අදාළව සැකසූ කූට ලේඛන කිහිපයක් ද භාරයට ගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ගම්පහ ප්‍රදේශයේ වාහන අලෙවිසැලක් පවත්වාගෙන යන, මීට පෙර වාහන වංචාවකට පොලිස් අත්අඩංගුවට ගත් පුද්ගලයකු රුපියල් ලක්ෂ 15ක පොරොන්දුව මත ලක්ෂ 10 ක අත්තිකාරම් මුදලක් ලබා ගෙන ලියාපදිංචි අංකයට අදාළව සියලුම ලේඛන සකස් කර දෙන පොරොන්දුවක් මත කටයුතු කර ඇති බවට අනාවරණය වූ බව වැටලීම සිදුකල පොලිස් නිළධාරියෙකු පැවසීය.
එම පුද්ගලයා මාර්ගයෙන් ජීප් රථයට සකස් කරගෙන තිබූ ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කර වේරහැර මෝටර් රථ දෙපාර්තමේන්තුව වෙත මෝටර් රථය ඉදිරිපත්කර බාර කිරීමට ද කටයුතු කර ඇති බවට සැකකරුගෙන් අනාවරණය වූ බවත් එම නිලධාරියා අනාවරණය කළේය.
නීති විරෝධී ලෙස ආනයනය කරන ලද මෙම ජීප් රථය සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් ,සතොස මෝටර්ස් සමාගම වෙතින් ,රස පරීක්ෂක දෙපාර්තමේන්තු වෙන් , බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස් කාර්යාලයෙන් හා පෞද්ගලික රක්ෂණ සමාගම කින් වාර්තා ලබාගෙන දීර්ඝ විමර්ශනයක් කරන බව පොලිසිය පවසයි.
පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය මඟින් මේ පිළිබඳ පරීක්ෂණ පවත්වයි.
බිමල් ශ්‍යාමන් ජයසිංහ - බණ්ඩාරගම