සංවර්ධන නිලධාරීන් දීප ව්යාප්ත වැඩවර්ජනයකට සැරසෙයි
22 October 2026
සංවර්ධන නිලධාරීන් දීප ව්යාප්ත වැඩවර්ජනයකට සැරසෙයි
22 October 2026
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරීන් නොවැම්බර් 09 දින දීප ව්යාප්ත වැඩවර්ජනයකට එළැඹීමට තීරණය කර ඇති බව ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්යස්ථානය පවසයි.
එහි ප්රධාන ලේකම් ධම්මික මුණසිංහ මහතා පැවසුවේ සිය ගැටලු සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී බලධාරීන් දැනුම්වත් කළ ද ඒ සඳහා මෙතෙක් නිසි විසදුම් ලැබී නොමැති බවයි.
"සංවර්ධන නිලධාරීන්ගේ ගැටලු විසඳනවා කියලා සපත කරලා තමයි මේ ආණ්ඩුව බලයට පත් වුණේ. සංවර්ධන නිලධාරීයෙකුට රාජකාරී ලැයිස්තුවක් නෑ.. නිශ්චිත උසස්වීම් ක්රමවේදයක් නෑ. ශ්රේණි අතර උසස්වීම අවුරුදු 10ක් තියෙනවා අධි ශ්රේණියක් නෑ. ඔවුන්ගේ පුහුණු කාලය අවුරුද්දක් තියෙනවා. නිත්ය සේවාවට එකතු කරලා නෑ. දැවැන්ත වැටුප් විශමතාවක් තියෙනවා. මේ ප්රශ්න එකකටවත් උත්තර නෑ."

