අතරමැද නැවතුන IPL යළි ඇරඹෙන දිනය
13 May 2025
අතරමැද නැවතුන IPL යළි ඇරඹෙන දිනය
13 May 2025
අතරමැද නවතා දැමුණු ඉන්දීය ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලිය නැවතත් මැයි මස 17 වන දින සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
ඒ අනුව තරගාවලියේ ඉතිරි තරග ක්‍රීඩාංගණ 6 කදී පැවැත්වීමට නියමිත බවයි වාර්තා වෙයි.
පළමු තරගය ලෙස මැයි මස 17 වන දින රොයල් චැලෙන්ජර්ස් බැංගලොර් කණ්ඩායම සහ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම අතර තරගය පැවැත්වෙයි.
ඉන්දීය ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ජුනි මස 3 වන දින පැවැත්වීමට නියමිතයි.