brand logo
logo
ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

18 October 2026


පළාත් සහ දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා බලපැවැත්වෙන පරිදි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.


බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු - මැද, නැගෙනහිර සහ ඌව පළාත් සහ කුරුණෑගල, යාපනය, වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්ක සඳහා මෙම නිවේදනය වලංගු වෙයි.


ඒ අනුව,බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු - මැද, නැගෙනහිර සහ ඌව පළාත් වල සහ කුරුණෑගල, යාපනය, වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්ක වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබග අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතියි.


ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර, අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලබයි.


අද (18) පෙ.ව. 11.30 ට නිකුත් කරන ලද මෙම නිවේදනය හෙට පෙ. ව.1.00 දක්වා වලංගු වෙයි.

 

More News..