Best News Website award
brand logo
logo
නෙදර්ලන්තයේ රැකියා දෙන බව කියන ජාවාරම්වලට රැවටෙන්න එපා

නෙදර්ලන්තයේ රැකියා දෙන බව කියන ජාවාරම්වලට රැවටෙන්න එපා

13 November 2026 | සංජය නල්ලපෙරුම


නෙදර්ලන්තයේ රැකියා ලබාදෙන බව පවසමින් නෙදර්ලන්තයේ ආගමන සේවාවේ යැයි හැඟවෙන ව්‍යාජ ලිපි සංසරණය කරන ජාවාරම් සම්බන්ධයෙන් ලංකාවේ නීතිය ක්‍රියාත්මක වන ආයතනවල සහාය ලබාගන්නා ලෙස මෙරට සිටින නෙදර්ලන්ත තානාපති කාර්යාලය ජනතාවගෙන් ඉල්ලා සිටී.


නෙදර්ලන්තයේ රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයන් නොමග යවන බවට තොරතුරු නෙදර්ලන්ත තානාපති කාර්යාලයට ලැබී ඇති අතර සෑම ආකාරයේ රැකියා සඳහා නෙදර්ලන්තය රැකියා වීසා නිකුත් නොකරන බවද තානාපති කාර්යාල පවසයි. උසස් නිපුනතා සහිත උසස් තාක්ෂණ රැකියා සඳහා පමණක් අවස්ථා තිබිය හැකි නමුත් සෙසු සියල්ලම ව්‍යාජ විය හැකි බව තානාපති කාර්යාලය සඳහන් කරයි.


නෙදර්ලන්ත තානාපති කාර්යාලය, නෙදර්ලන්තයේ රැකියා සඳහා කිසිදු බඳවා ගැනීමක් සඳහා පහසුකම් සපයන්නේ නැති බවද එම නිවේදනයේ සඳහන් වේ. විවිධ පාර්ශ්වයන් විසින් ලබාදෙන රැකියා අවස්ථා පිළිබඳ කිසිදු ආකාරයක මූල්‍ය බැඳීමක් ඇති කරගැනීමට පෙර අදාළ සේවායෝජකයන් වෙතින් සෘජුවම පරීක්ෂා කරන ලෙසත්, එවැනි ජාවාරම් සම්බන්ධයෙන් ලංකාවේ නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතනවලින් වහාම අවශ්‍ය නීතිමය සහාය ලබාගන්නා ලෙසත් නෙදර්ලන්ත තානාපති කාර්යාලය ජනතාවගෙන් ඉල්ලා සිටී.

 

More News..