නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත්
09 October 2026
නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත්
09 October 2026
නායයාම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.
එම සංවිධානය සඳහන් කර ඇත්තේ මෙම නිවේදනය අද (09) පස්වරු 04.00 සිට හෙට පස්වරු 04.00 දක්වා ක්‍රියාත්මක වන බවය.
ඒ අනුව කෑගල්ල, මහනුවර, කුරුණෑගල, රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.
අනතුරු ඇඟවීමේ මට්ටම 2- අවදානයෙන් සිටින්න
-------------------------------
කෑගල්ල දිස්ත්‍රික්කය: - මාවනැල්ල, රුවන්වැල්ල, බුලත්කොහුපිටිය
අනතුරු ඇඟවීමේ මට්ටම 1- විමසිලිමත් වන්න
-------------------------------
මහනුවර දිස්ත්‍රික්කය: - යටිනුවර, හතරලියද්ද
කෑගල්ල දිස්ත්‍රික්කය: - දෙහිඕවිට, කෑගල්ල, රඹුක්කන, යටියන්තොට, අරණායක, වරකාපොළ
කුරුණෑගල දිස්ත්‍රික්කය: - අලව්ව
රත්නපුර දිස්ත්‍රික්කය: - කුරුවිට, අයගම, ඇහැලියගොඩ, වැලිගෙපොල, රත්නපුර, කලවාන, ඉඹුල්පේ, නිවිතිගල

