ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව පෙත්සම් සලකා බැලීමට ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක්
14 October 2026
ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව පෙත්සම් සලකා බැලීමට ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක්
14 October 2026
සිරදඬුවම් නියම වූ පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්දනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මහතා විසින් ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කරනු ලැබීය.
ඒ අනුව අදාළ පෙත්සම් සලකා බැලීම සඳහා අමල් රණරාජා, මහෙන් ගොපල්ලව සහ ප්රියන්ත ප්රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල නම් කර තිබේ.
අදාළ පෙත්සම් සලකා බැලීමේ විනිසුරු මඩුල්ලෙන් තමන් ඉවත්වන බව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා දැනුම් දීමෙන් පසුව මෙම ත්රිපුද්ගල විනිසුරු මඩුල්ල නම් කරනු ලැබීය.

