brand logo
logo
හිටපු ජනාධිපතිවරුන්ට රජය වැය කරන මුදල් ප්‍රමාණ

හිටපු ජනාධිපතිවරුන්ට රජය වැය කරන මුදල් ප්‍රමාණ

25 November 2023



හිටපු ජනාධිපතිවරුන් වන ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, මහින්ද රාජපක්ෂ, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ හිටපු ජනපති බිරිඳහේමා ප්‍රේමදාස යන අය වෙනුවෙන් රජය වැය කරන් මුදල් ප්‍රමාණය අණාවරණය වී ඇත. ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලබාගත් PS/RTI/01/2023/205 යන නිල ලේඛනය එය හෙළි කරයි.


මේ අනුව ලේකම් දීමනා, ඉන්ධන දීමනා සහ විශ්‍රාම ප්‍රතිලාභ වශයෙන් මාසිකව රුපියල් 3,715,350 ක් රජය වැය කරනු ලබයි.


මේ තොරතුරුවලට අනුව රණසිංහ ප්‍රේමදාස බිරිඳට ඒ රුපියල් 25,000 ක ලේකම් දීමනාවක්, රුපියල් 100,000 ක ඉන්ධන දීමනාවක් සහ රුපියල් 65,000 ක විශ්‍රාම දීමනාවක් ලබා දේ.


හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට මාසිකව රුපියල් 100,000 ක ලේකම් දීමනාවක් ද රුපියල් 679,950 ක ඉන්ධන දීමනාවක් ද රුපියල් 97,500 ක විශ්‍රාම ප්‍රතිලාභයක් ද ලැබේ.


එසේම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට රුපියල් 50,000 ක ලේකම් දීමනාවක්, රුපියල් 679,950 ක ඉන්ධන දීමනාවක් සහ රුපියල් 97,500 ක විශ්‍රාම දීමනාවක් හිමි වේ.


හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනට රුපියල් 100,000 ක ලේකම් දීමනාවක්, රුපියල් 679, 950 ක ඉන්ධන දීමනාවක් සහ රුපියල් 97,500 ක විශ්‍රාම දීමනාවක් ලැබේ.


හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට රුපියල් 100,000 ක ලේකම් දීමනාවක්, රුපියල් ලක්ෂ 5 ක ඉන්ධන දීමනාවක් සහ රුපියල් 97,500 ක විශ්‍රාම ප්‍රතිලාභයක් ලැබේ.


1986 අංක 4 දරන ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනතට අනුව, සෑම හිටපු ජනාධිපතිවරයෙකුට සහ හිටපු ජනාධිපතිවරයෙකුගේ බිරිඳට හෝ සැමියාට, ඔහුගේ හෝ ඇයගේ ජීවිත කාලය තුළ විශ්‍රාම වැටුපක්, ඉන්ධන දීමනාවක් සහ ලේකම් දීමනාවක් හිමි වේ. එපමණක්ද නොව, ඔවුන්ගේ ජීවිත කාලය තුළ ජීවත් වීමට සුදුසු නිවසක් කිසිදු කුලී නොමැතිව ලබා දෙයි. මීට අමතරව ඇතැමෙකුට ආරක්ෂාව වෙනුවෙන් දීමනාවක් ලබා දෙන බවත් හෙළිව තිබේ.


මේ අතර තම විශ‍්‍රාම වැටුප පුද්ගලික භාවිතයට නොගෙන යම් අරමුදල්වලට බැර කළ යුතු බවටත් හිටපු ජනාධිපතිවරුන් විවිධ අවස්ථාවල මාධ්‍ය වෙත ප‍්‍රකාශ කර තිබිණි. එහෙත්, ඒ සඳහන් කළ පරිදි අරමුදල්වලට එවැනි මුදල් බැර කර නොතිබූ නමුත් ඔවුන් මෙම දීමනා බැර කර ඇත්තේ ඔවුන්ගේ පුද්ගලික බැංකු ගිණුම්වලට පමණක් බව අනාවරණය වී තිබේ.


විශ්‍රාමික ජනාධිපතිවරුන්ට සහ හිටපු ජනාධිපතිවරුන්ගේ වැන්දඹුවන්ට මාසිකව ගෙවනු ලබන දීමනා සහ වරප්‍රසාද ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය යටතේ වාර්ෂික අයවැයෙන් සාකච්ඡා කෙරේ. ඔවුන්ගේ දීමනා සහ වරප්‍රසාද පිළිබඳව මෙවරත් පාර්ලිමේන්තුවේදී සාකච්ඡා විය. මෙම වැය ශිර්ෂය අනුව මෙම සමස්ථ වියදම් වෙනුවෙන් 2024 වසරට රුපියල් මිලියන 110ක් වෙන් කර තිබේ. මෙම වසර වෙනුවෙන් වෙන්කර තිබුණේ රුපියල් මිලියන 84කි.

 

More News..