විදුලි බිල නැංවීමට තීරණයක් නැහැ -බලශක්ති ඇමැති
09 May 2025
විදුලි බිල නැංවීමට තීරණයක් නැහැ -බලශක්ති ඇමැති
09 May 2025
විදුලි බිල ඉහළ දැමීමට ආණ්ඩුව හෝ විදුලිබල මණ්ඩලය මෙතෙක් තීරණයක් ගෙන නැතැයි බලශක්ති ඇමැති කුමාර ජයකොඩි පාර්ලිමේන්තුවේ දී ඊයේ (08 වැනිදා) ප්‍රකාශ කළේය.
ඇමැතිවරයා මේ බව සඳහන් කළේ අයි.එම්.එෆ්. සමග ඇතිකරගත් ගිවිසුම අනුව විදුලි බිල ඉහළ දමන්නේ ද යන්න පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් පී. පෙරේරා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.
විදුලි බිල ඉහළ දැමීමේ අවශ්‍යතාවයක් රජයට නොමැති වුවත් ණය ගෙවීම සඳහා විදුලි බිලෙන් විශාල දායකත්වයක් ලැබෙන බව ද කී ඇමැතිවරයා මෙසේද කීවේය.
අපිටත් අවශ්‍ය ගෙවල්වලට වගේම කර්මාන්ත සඳහා අවම මිලට විදුලිය ලබාදෙන්න. ඒක තමා අපේ ප්‍රමුඛ අරමුණ. සමහර වෙලාවට ඔබතුමන්ලාම අනිත් පැත්තට කෑ ගහනවා. එක පැත්තකින් කියනවා, අඩු කරනවා කියනවා. විදුලිය මිලට ගන්න මිලත් අඩුකරලා තමා ජනතාවට දෙන්නේ. අනිවාර්යෙන්ම අඩු කිරීමේ හෝ වැඩි නොකර සිටීමේ අරමුණින් තමා අපි වැඩ කරන්නේ. මොකද මේ තත්ත්වය තුළ අපි කටයුතු කරන්නේ. අපි 37 ට 27 ට සෝලා අරන් තමයි හයට හතට දෙන්නේ කර්මාන්ත ශාලාවලට මේ මොහොතෙත්. අපි කොහේවත් අයි එම් එෆ් කිව්වා කියලා වැඩිකරලා නෑ. එහෙම තීරණයක් අරගෙනත් නෑ. විදුලිබල මණ්ඩලය ඒ සම්බන්ධ ගණනයන් තාම භාරදීලත් නෑ. මේ මාසේ අග ලබන මාසේ මුල වෙද්දි තමා මහජන උපයෝගීතා කොමිසමෙන් ගන්නේ. තාම තීරණය කරලා නෑ ආණ්ඩුවවත්, විදුලිබල මණ්ඩලයවත්. අපි සුබවාදීව හිතනවා වැඩිකිරීමට නොයා ඉන්න. නමුත් අනිත් පැත්තෙන් ගොඩක් දේවල් තියෙනවා. ණය තියෙනවා. ණය ගෙවීමේ යම් පංගුවක් විදුලි බිලට එකතු වෙන්න තියෙනවා. ලබන මාසේ මුල වෙද්දි අපිට කියන්න පුළුවන්.
මන්ත්‍රි අජිත් පී. පෙරේරා
විදුලි බිල සම්බන්ධයෙන් සමාජය තුළ කතා බහ වෙනවා. ජීවන වියදම වැඩිවී තිබෙනවා. සංවර්ධනයටත් එය බාධාවක්. ඒ වගේම අයි එම් එෆ් සමඟ ඇතිකරගෙන ඇති ගිවිසුම අනුවත් මෙතෙක් නොදැන සිටි කොන්දේසි අනුව නැවත වතාවක් විදුලි බිල වැඩිකරන්න රජය සැලසුම් කර තිබෙනවලු. අපේ රට පාලනය කරන්නේ අයි එම් එෆ්ද. ආණ්ඩුව විසින්ද. විදුලි බිල සම්බන්ධයෙනුත් ජාත්‍යන්තරය බලපෑම් කරනවද.
කොළඹ දිස්ත්‍රික් මන්‍ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා (සජබ)
විදුලි බිල වැඩි කරන්න එකඟ වුණේ මාස හයෙන් හයට. දැන් මාස තුනෙන් තුනට එකඟ වෙලා. ජුනි මාසයේ දී ණය වාරිකය අනුමත කරන්නේ ලයිට් බිල වැඩි කළොත් විතරයි. මාස හයෙන් හයට වෙනස් වෙන්න තිබුණ බිල දැන් මාස තුනෙන් තුන දක්වා වෙනස් කළේ ඇයි. ඒ එකඟතාව අනුව කටයුතු නොකළ නිසා තමයි දැන් වාරිකය ප්‍රමාද කරන්නෙ.
රුපියල් විස්සට සහස් දනවි එකෙන් යුනිට් එකක් ගන්න තීරණය කරලා තියෙනවා. ඒ අනුව සෝලා ගාස්තුව 20 සිට 14 දක්වා අඩු කරනවා. මහජන උපයෝගිතා කොමිසමට මේ තීරණය දන්වනවා. ඒ අය අහනවා කොහෙමද රුපියල් 20ට ගන්නේ කියලා. මේ තීරණය ගන්නේ ඩොලරය රුපියල් 150යි කියලා. ගංජා ගහලා හිටියද. මේ අය ආර්ථිකය අනාගෙන තියෙන්නෙ. දෙයියො සාක්කි මේ රටට මොනවද මේ වෙනන් යන්නේ. උපයෝගීතා කොමිසම කියන දේට එකඟ වෙන්න ආණ්ඩුවට බැහැ මොදක මුල්‍ය අරමුදලෙ හිර වෙලා ඉන්න නිසා.