නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත්
27 May 2026
නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත්
27 May 2026
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීම් යාවත්කාලීන කර තිබේ.
ඒ අනුව දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 17කට අදියර එක සහ දෙක යටතේ අනතුරු ඇඟවීමට එම සංවිධානය පියවර ගෙන ඇති අතර එය හෙට (28) පස්වරු හතර දක්වා වලංගු වේ.
කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල සහ රත්නපුර දිස්ත්‍රික්කයේ, රත්නපුර, අයගම, කුරුවිට, ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර දෙක යටතේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
අදියර එක යටතේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ,
කළුතර දිස්ත්‍රික්කයේ
* මතුගම
කෑගල්ල දිස්ත්‍රික්කයේ
* දෙහිඕවිට
* දැරණියගල
* රුවන්වැල්ල
* යටියන්තොට
* බුලත්කොහුපිටිය
නුවරඑළිය දිස්ත්‍රික්කයේ
* අඹගමුව
රත්නපුර දිස්ත්‍රික්කයේ
* පැල්මඩුල්ල
* කිරිඇල්ල
* ඇලපාත
* කලවාන
* නිවිතිගල
යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාය.

