brand logo
logo
 ඉරාන ජාතිකයින් පිරිසක් ගාල්ල වරායට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් පැහැදිලි කිරීමක්

ඉරාන ජාතිකයින් පිරිසක් ගාල්ල වරායට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් පැහැදිලි කිරීමක්

24 October 2026


ඉරාන නෞකාවක සිටි පිරිසක් ගාල්ල වරායට පැමිණීම සම්බන්ධයෙන් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා අද (24) අදහස් දැක්වීමක් සිදුකළේය.


එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ යම් පිරිසක් මුහුදු මාර්ගයෙන් පැමිණීමේදී රජය අනුගමනය කරන ජාත්‍යන්තර සම්මුතීන් සහ ජාත්‍යන්තර නීතින් පවතින බවත් ඊට අනුගතව කටයුතු කර ඇති බවය.


එහිදී ජාත්‍යන්තර සම්මුතීන්, ජාත්‍යන්තර නීතින් මෙන්ම ජාත්‍යන්තර සරණාගතයින් සම්බන්ධව සම්මුතීන් සහ නීති පවතින බවත් එම නීති සහ සම්මුතිවලට අනුගත වෙමින් අවශ්‍ය පියවර ගෙන ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.


මෙම සම්මුතින්ට අනුගත වෙමින් කටයුතු කර ඇති බැවින් කිසිදු රටකට ගැටලුවක් ඇති නොවන බවත් පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා මේ දක්වා කටයුතු කර ඇත්තේ අදාළ සම්මුතීන් සහ නීතින්ට අනුගත වෙමින් බවද වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.


එහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා,


"ලංකාවට නැවක් හෝ මුහුදු මාර්ගයෙන් යම් කිසි පිරිසක් එනකොට අපි අනුගමනය කරන ජාත්‍යන්තර සම්මුතීන් සහ ජාත්‍යන්තර නීතින් තියෙනවා. ඒ වගේම ජාත්‍යන්තර සරණාගතයන් සම්බන්ධව සම්මුතීන් තියෙනවා මේ සම්මුතීන් සහ නීතින් අනුව තමයි අපි වැඩ කරන්නේ. ඒ නිසා එන අය මොන රටට අයත්ද, ඒ අයගේ ජාතිය මොකක්ද කියන එක අපිට වැදගත් වෙන්නේ නෑ අපි අන්තර්ජාතික සම්මුතීන් අනුව වැඩ කරගෙන යනවා ඒ නිසා අපිට ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නෑ. කිසිම රටකට ඒක ප්‍රශ්නයක් වෙන්නෙත් නෑ. මේ දක්වා අපි වැඩ කරලා තියෙන්නේ අන්තර්ජාතික සම්මුතීන් අනුව"

 

More News..