ප්‍රංශයේ මහා වැඩ වර්ජනයක්
20 January 2023 | සහන් වික්‍රමගේ
ප්‍රංශයේ මහා වැඩ වර්ජනයක්
20 January 2023 | සහන් වික්‍රමගේ
ප්‍රංශයේ එමානුවෙල් මැක්රොන් රජය දැඩි අපහසුතාවට පත් කරමින් එරට ක්‍ෂේත්‍ර රැසකට අයත් වෘත්තිය සමිති මහා වැඩ වර්ජනයක් සහ විරෝධතා පෙළක් දියත් කර තිබේ.
බස් සහ දුම්රිය සේවකයන්, ගුරුවරුන්, සෞඛ්‍ය සේවකයන්, ගුවන් නියමුවන්, බැංකු සේවකයන්, සිනමාශාලා සහ නාට්‍ය ශාලා සේවකයන් ඇතුළු බොහෝ පාර්ශ්ව වැඩ වර්ජනයට එක් වන බව ප්‍රකාශ කර ඇත.
වෘත්තීය සමිති මෙවැනි වර්ජනයක් සහ විරෝධතාවක් කැඳවා ඇත්තේ එරට විශ්‍රාම වැටුප් ක්‍රමය තුළ යම් වෙනස්කම් කිරීමට ආණ්ඩුව ගනිමින් සිටින උත්සාහයට එරෙහිවය.
විශ්‍රාම ගන්නා වයස අවුරුදු 62 සිට 64 දක්වා ඉහළ දැමීමද මෙම වෙනස්කම්වලට අයත් වේ.
එමෙන්ම සම්පූර්ණ විශ්‍රාම වැටුපකට හිමිකම් කීම සඳහා රජයේ සේවකයකු වසර 43ක් සේවය කළ යුතු බවට වන යෝජනාවක්ද ඉදිරිපත් කර තිබේ.
දැනට එම සීමාව පවතින්නේ වසර 42ක් ලෙසිනි. ඉහත කී නව යෝජනා අඩංගු පනත් කෙටුම්පතක් ඉදිරි දිනවල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
ඉහත කී යෝජනාවලට එරට ජනතාවගෙන් සියයට 68 කට ආසන්න සංඛ්‍යාවක් විරුද්ධ බව පසුගිය දා කර තිබූ ජනමත සමීක්‍ෂණයකින් හෙළි වී තිබේ.