brand logo
logo
චයිනීස් එළවළු මිලත් උඩ යයි

චයිනීස් එළවළු මිලත් උඩ යයි

04 November 2026

හරිතාගාර තුළ සිදුකරන වගාවන් අඩුවීම හේතුවෙන් මේ වන විට චයිනීස් එළවළු නිෂ්පාදන පහළ යාමෙන් එම එළවළු තොග මිල ඉහළ ගොස් ඇති බව වෙළෙන්දෝ පෙන්වාදෙති.


මේ හේතුවෙන් ඊයේ (03 වැනිදා) වන විට බ්‍රොකෝලි කිලෝවක තොග මිල රුපියල් 3600ක් දක්වා ඉහළ ගොස් ඇති අතර රතු බෙල් පෙපර් රුපියල් 2500ත් 2600 දක්වා ද කහ බෙල්පෙපර් රුපියල් 2100ත් 2600ත් අතර මිල පරාසයකද, බැසිල් රුපියල් 600ත් 700ත්, රෙඩ් කැවේජ් රුපියල් 1000ත් 1100ත්, මිංචි රුපියල් 900ත් 1000ක් දක්වා මිල ඉහළ ගිය බව නුවරඑළිය විශේෂිත ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථානයේ තොග වෙළෙන්දෝ පැවැසූහ.


වැලිමඩ, හපුතලේ සහ නුවරඑළිය තදාසන්න ප්‍රදේශවල වැඩි වශයෙන් මෙම චයිනීස් එළවළු වගා කෙරෙන අතර එම ප්‍රදේශවල හරිතාගාර තුළ සිදුකරන වගාවන් අඩුවීම හේතුවෙන් මෙලෙස මිල ඉහළ යාමකට ලක්ව ඇත.

 

More News..