brand logo
logo
  තරුණ හදවත්වලට ආමන්ත්‍රණය කළ දිලිත්

තරුණ හදවත්වලට ආමන්ත්‍රණය කළ දිලිත්

15 August 2026


ශ්‍රී ලාංකීය තාරුණ්‍යයට කිසිදු ආකාරයක පසුතැවීමක් ඇතිනොවන දීප්තිමත් අනාගතයක් තනාදීමේ ස්ථාවර සැලැස්මක් සර්වජන බලය සතුව ඇති බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි. 


ඒ මහතා මේ බව කියා සිටියේ "සර්වජන Youth Vibe 26" වැඩසටහනට එක්වෙමිනි.


"අද අපි මේ ඔබ ආමන්ත්‍රණය කරන්නේ තවත් දේශපාලන රැස්වීමක නෙමෙයි. අපි මේ ඔබට කතා කරන්නේ. ආදරය හා සෙනෙහස රැගෙන ඇවිල්ලා හදවතින් ඉතිහාසයේ මේ තාරුණ්‍යයට කොහේ හරි තැනක අසාධාරණයක් වුණා නම්, මේ රටේ දේශපාලනය තුළ, එය නිවැරදි විය යුතුයැයි බරපතළ ලෙස විශ්වාස කරන කණ්ඩායමක් හැටියට. තවම සර්වජන තරුණ පෙරමුණ, විශ්වාස කරන දර්ශනය මෙන්න මේ දර්ශනය. 


ඒ අපි අද ඔබට ආමන්ත්‍රණය කරනවා එකම එක. එකම එක කරුණක් අලලා ඒ මතම පිහිටා. ඒ මොකක්ද? අපේ මේ ව්‍යාපාරය තුළ කිසිම දිනක, කිසිම මොහොතක මේ රටේ තාරුණ්‍යයට කිසිම දිනක කනස්සල්ලට පත්වන්නට වන, කිසිම දිනක කණගාටුවට පත්වන්නට වෙන කිසිම දිනක පශ්චාත්තාපයට පත්වන්නට වන, කිසිම දෙයක් අපේ දේශපාලන ව්‍යාපාරය තුළ, මේ සර්වජන බලය තුළ සිද්ධ වෙන්නේ නැහැ කියන එක. 


ඒ වගේම අපි කතාකරන වචනයක්, වචනයක් පාසා, වචනයක්, වචනයක් පාසා ඉතිහාසයේ දේශපාලනයේ කිනම් හෝ අවස්ථාවක දේශපාලඥයන් විසින් වගකීමකින් තොරව ප්‍රකාශ කොට ඔබ රැවටුණා නම් ඒ රැවටීමටත් අපි ඉඩ තියන්නේ නෑ. ඉතින් මේක තමයි අපේ පණිවුඩය. අපි අවංක ව්‍යාපාරයක්. මේ රටේ තාරුණ්‍යයේ සැබෑ ව්‍යාපාරය‍.


අපි, අපි දන්නවා මේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පමණක් ලබන 2029 ඡන්දයක් පැවැත්වුවොත් එක්ලක්ෂ පනස්දාහක් තාරුණ්‍ය ඡන්දේ දෙනවා. පළවෙනි වතාවට. පළවෙනි වතාවට. මේ එක්ලක්ෂ පනස්දා පමණක්ම තීරණය කළොත් මේ රටේ අනාගතය තීරණය විය යුත්තේ අපේ කතිරය මත පමණක්ය අපිට ඕන දියුණු වෙච්ච ශ්‍රී ලංකාවක අතමිට සල්ලි තියෙන තමන්ගේ සිහින ඉෂ්ට කරගන්නට පුළුවන් තමන්ට තමන්ගෙ ගෙයක් හදාගෙන තමන්ට තමන්ගේ වාහනයක් ගන්නට පුළුවන් තමන්ගේ ආර්ථිකයක් ගොඩනගා ගත්ත ලෝකයේ දියුණු රටවල් වල ජීවත්වන ශ්‍රී ලාංකිකයෙක් වන්නට අපිට ඒ ආසාව තියෙනවා. ඒ සිහිනය අපිට තියෙනවයි කියලා හිතලා ඔබ කටයුතු කළොත් එයින්ම මේ රටේ අනාගතය එක රැයකින් වෙනස් වෙනවා.


එදායින් පස්සේ ඔබ ජීවත් වෙන්නේ අර අපේ චාමර කිව්වා වගේ සත්තයි. සතුටුද ඒක? සත්තයි. අන්න ඒ සතුටු දෑ තමයි අපිට නිර්මාණය කරගන්නට ඕනේ. ආදරණීය දරුවනි, ඇත්තටම මේ රටේ තාරුණ්‍යය. 


ඔබ ගැන ලොකු විශ්වාසයක් අපිට තියෙනවා. අපි මේ අපි මේ කතා කරන ව්‍යවසායකත්ව රාජ්‍ය සංකල්පය, මේ රටේ හැම පොඩි දරුවෙකුගේම ඔලුවට අපි දාන්න හදන්නේ ඒකයි. 


මේ සෘණාත්මකවලින් ඔබ අයින් කරලා හැමතිස්සෙම ධනාත්මකව හිතන්න කියලා අපි ඔබට ආරාධනා කරන්නේ ඒකයි. මොන දේශපාලඥයෝ ඔබේ ඔළුවට මොන කුණු කන්දල් දැම්මත් අපිට ඕනේ ඔබේ මනස ඔබේ මොළය, ඔබේ හදවත, පුරවන්නට ධනාත්මක චින්තනයෙන් අපිට පුළුවන් කියලා හිතාගෙන මේ රටේ ඉන්න මේ තාරුණ්‍යයට, මේ රටේ ඉන්න මේ තාරුණ්‍යට, ලෝකයේ ඕනම රටක් එක්ක හැප්පෙන්නට පුළුවන් ශක්තියක්, දැනුමක්, ඒ වගේම විශ්වාසයක් තියෙනවා කියන එකයි අපේ මේ පණිවුඩය.


මේ පණිවුඩය අපි අරගෙන යන්නට ඕන ඇයි? හෙට උදේ ඔබ නැගිටින්නට ඕන. මේ රට ගැන විශ්වාසයක් තියලා, අපි ගැන විශ්වාසයක් තියලා, ඔබ ගැන විශ්වාසයක් තියලා අපිට මේ නුදුරු දිනයකම අපි එකතුවෙලා අපි නැගිටිනවායි කියන හැඟීමෙන් මිසක් අපි මේ අඬ හඬා ඉන්න මේ සෘණාත්මක, බැරි බැරියාවෙන් කටයුතු කරන, රටක තාරුණ්‍ය හැටියට නෙමෙයි. අන්න ඒ පණවුඩය පමණයි මම ඔබට දෙන්නේ. 


වඩා කාලවේලා ගන්නේ නෑ. ඇයි? අපිට මේ සරල පණිවුඩය පමණක් ඔබ ඔබේ ඔළුවේ තියාගෙන ගියොත් ඔබ මේ පණිවුඩයෙන්ම පමණක් මේ රටේ ඔබ සමග ඒ උරෙන් උර ගැටෙන තාරුණ්‍යය සමඟ බෙදා හදා ගත්තොත් අපිට පුළුවන් අන්න ඒ දියුණු අලුත් ශ්‍රී ලංකාව ඔබ ප්‍රාර්ථනා කරන, ඔබේ සිහින ඉෂ්ට වෙන ශ්‍රී ලංකාව නිර්මාණය කරගන්නට ඒ නිසා ඒ විශ්වාසයෙන් ඔබ අද මේ කුරුණෑගල පැවැත්වූ ඉතාම සාර්ථක, ඉතාම සාර්ථක මේ Youth Vibe එක තරුණ සමුළුව අපේ GenZ සමුළුව, අපේ Gen Alpha සමුළුව, මේ සමුළුව මේ මේ කතිකාව ඔබට මතක තිබිය යුත්තේ අන්න ඒ සඳහාම පමණයි."


තාරුණ්‍යයේ නව මානයන් සොයා යන "සර්වජන Youth Vibe 26" වැඩසටහන කුරුණෑගල මහ නගර සභා ක්‍රීඩාංගනයේ ඇම්ෆිතියටර් පරිශ්‍රයේදී අද (15) පැවැත්වුණේ තරුණ තරුණියන් අති විශාල පිරිසකගේ සහභාගීත්වයෙනි.


''වෙනසක් වෙනුවෙන් වෙනස් වෙමු'' යන තේමාවෙන් පැවති වැඩසටහන සඳහා තරුණ තරුණියන් විශාල පිරිසක් එක්ව සිටියහ.

 

More News..