brand logo
logo
පළාත් 3කට සහ දිස්ත්‍රික්ක 2කට ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

පළාත් 3කට සහ දිස්ත්‍රික්ක 2කට ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

22 October 2026


මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත් සහ පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.


අද (22) පෙ.ව. 11.30 ට නිකුත් කරන ලද මෙම නිවේදනය හෙට පෙ.ව. 01.30 දක්වා වලංගු වෙයි.


ඒ අනුව, මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතියි.


ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර, අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

 

More News..