හෙරොයින් කිලෝ 13ක් සහ අයිස් කිලෝවක් පොලිස් භාරයට
03 November 2026
හෙරොයින් කිලෝ 13ක් සහ අයිස් කිලෝවක් පොලිස් භාරයට
03 November 2026
යාපනය - මන්නාරම මාර්ගයේ පුනරින් විදුහල ආසන්නයේ දී පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් මාර්ග බාධක රාජකාරි යෙදී සිටියදී සැකකටයුතු යතුරුපැදි දෙකක් පරීක්ෂා කිරීමේ දී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබේ.
අදාළ යතුරුපැදිය නවත්වන ලෙස සංඡා කර ඇති අතර, එම අවස්ථාවේ දී එක් යතුරුපැදිකරුවෙකු සන්තකයේ තිබූ පාර්සලයක් එම ස්ථානයේ අතහැර දමා යතුරුපැදි දෙකම නොනවත්වා ධාවනය කර ඇත.
අතහැර දමා ගිය පාර්සලය නිලධාරින් විසින් පරීක්ෂා කිරීමේදී එහි තිබූ කුඩා පාර්සල් 14 ක් තුළ හෙරොයින් කිලෝග්‍රෑම් 13 ග්‍රෑම් 340ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01 ග්‍රෑම් 62 ක් තිබී සොයාගෙන තිබේ.
පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පුනරීන් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

