Best News Website award
brand logo
logo
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගැටලුව ගැන මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගැටලුව ගැන මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

13 November 2026

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට නිල වශයෙන් පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස සැලකිය නොහැකි බවට පළවන වාර්තා සම්බන්ධව මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කර තිබේ.


අදාළ නිවේදනය මගින් එම කොමිසම සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිගත් දේශපාලන පක්ෂයක් වූ නමුත් 2025 වසරේ සිට ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් අතර මතුවූ ලේකම් ධුරය සම්බන්ධ ගැටලුවක් හේතුවෙන් ලේකම් ධුරයේ ගැටලු සහිත පක්ෂයක් ලෙස නම් කර ඇති බවය.


අදාළ ගැටලුව විසඳන ලෙසට ලැබුණු ඉල්ලීම් මත ඒ හා සම්බන්ධ පාර්ශ්ව පසුගිය 06 වැනි දින මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා සාකච්ඡා කළ බවත් මැතිවරණ කොමිෂන් සභාව සිය නිවේදනයේ සඳහන් කර තිබේ.


එම සාකච්ඡාවේදී දෙපාර්ශ්වයේම එකඟත්වය මත තීරණය වූයේ ලේකම් ධුරයේ ගැටලුව සම්බන්ධයෙන් බස්නාහිර පළාත් සිවිල් අභියාචන මහාධිකරණයේ දැනට විභාග වෙමින් පවතින නඩුවේ තීන්දුවක් ලැබුණු පසුව මේ පිළිබඳව තීරණයක් ගැනීම සුදුසු බවට කරුණු ඉදිරිපත් වුණු බවද මැතිවරණ කොමිෂන් සභාව සිය නිවේදනයේ සඳහන් කර ඇත.

 

More News..