ඊශ්‍රායල් රැකියා සඳහා වැඩිපුරම තේරෙන්නේ පිට පළාත්වල අය
15 August 2026 | අශිකා ජයවීර
ඊශ්‍රායල් රැකියා සඳහා වැඩිපුරම තේරෙන්නේ පිට පළාත්වල අය
15 August 2026 | අශිකා ජයවීර
ඊශ්‍රායල් රැකියා සඳහා මෙරටින් පිටව යාමට අවස්ථාව ලැබෙන ශ්‍රමිකයන්ගෙන් බහුතරය දකුණ, ඌව, සබරගමු සහ උතුරු මැද පළාත් නියෝජනය කරන්නන් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුසිල් කුමාරපේළි පැවසීය.
ඔහු පෙන්වා දෙන්නේ ඊශ්‍රායල රැකියා සඳහා අයැදුම් කරන්නන් අතරින් වැඩිම පිරිසක් සිටින්නේ ද මෙම පළාත්වල අය බවයි.
තවද බස්නාහිර පළාතෙන් අදාළ රැකියා සඳහා අයැදුම් කරන පිරිස සෙසු පළාත් සමග සන්සදනය කරන විට අවම මට්ටමක ඇති බවද ඔහු කීවේය.
එමෙන්ම බස්නාහිර පළාතෙන් අයැදුම් කරන පිරිසෙන් ද සුදුසුකම් සපුරමින් ඊශායල රැකියා සඳහා තේරීපත්වීමට අවස්ථාව උදාවන්නේ සුළු පිරිසකට බවද නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේය. මෙයට හේතුව අනෙක් පළාත්වල අයැදුම්කරුවන් ඊශ්‍රායල රැකියා සඳහා අවස්ථාව ලබාගැනීමට අවශ්‍ය සියලු සුදුසුකම් සපුරාගැනීමට බෙහෙවින් උනන්දුවීම බව හෙෙතම පැවසුවේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා මෙසේ ද පවසා සිටියේය.
‘‘සමහරු කියනව මේ බස්නාහිර පළාතේ විශේෂයෙන්ම කොළඹ ඉන්න අයට චාන්ස් එනවා කියලා රැකියා සඳහා තේරෙන්න. තාක්ෂණික කාරණා සපුරන්න ලේසි නිසා අවස්ථාව ලැබෙනවා කියලා කියනවා බස්නාහිර අයට. එය සම්පූර්ණයෙන් අපි බැහැර කරනවා. රැකියා සඳහා ඉල්ලුම් කරනවා උතුරු පළාත හැරුණම හැම පළාතෙන්ම. ඒ අය හරිම උනන්දුවෙන් තාක්ෂණික කාරණා ඉගෙනගෙන වෙබ් සයිට් එක ගැන නිරන්තරයෙන් අවධානයෙන් ඉඳලා සුදුසුකම් සපුරලා මේ රැකියා ලබාගන්නවා. ඒකට කිසි කෙනෙක් මැදිහත්වෙන්නේ නෑ. ඒවා තමන්ම උදාකරගන්න අවස්ථාවන්. ඒ නිසා අපි කියන්න කැමැතියි. ඊශ්‍රායල් රැකියා ලැබෙන්නෙ තමන් මහන්සි වෙන තරමට මිසක් කිසිම කෙනකුගේ සහායෙන් නොවෙයි.’’

