කළුතර බස් කොන්දොස්තරට හා රියැදුරුට පහරදීම සම්බන්දයෙන් 6ක් අත්අඩංගුවට
29 October 2026 | ලක්ඛ්ත විද්යසේකර-කළුතර
කළුතර බස් කොන්දොස්තරට හා රියැදුරුට පහරදීම සම්බන්දයෙන් 6ක් අත්අඩංගුවට
29 October 2026 | ලක්ඛ්ත විද්යසේකර-කළුතර
කොළඹ සිට කළුතර දක්වා ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී බස් රථයකට මොරටුවේදී නංවා නොගත්තැයි උරණවී යතුරු පැදි දෙකකින් පැමිණ එහි රියැදුරුට හා කොන්දොස්තර වරයාට පහර දුන් බව කියන සැකකරුවන් 06 දෙනෙකු උතුරු කළුතර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙල්දූව , වස්කඩුව , නුගගොඩ හා මොරොන්තුඩුව යන ප්රදේශවල පදිංචි වයස අවුරුදු 21 ,23, 24, 25 සහ 42 යන වයස්වල පසු වන 06 දෙනෙකි.
පහරකෑමට ලක්වූ දෙදෙනා කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබූ අතර බස් රථයේ කොන්දොස්තරවරයා වන පානදුර,නිව්ඩාවේ පදිංචි අයෙක් විසින් පොලිසියට කර තිබූ පැමිණිල්ල අනුව මේ පිළිබඳ පරික්ෂණ ආරම්භ කොට තිබුණි.
ඉකුත් 26 වැනිදා රාත්රී 7.00 ට පමණ බස් රථය කොළඹින් පිටත්වී එමින් සිටියදී මොරටුව ආලෝක සංඥා කුළුණ අසල නතර කළ විට පුද්ගලයෙකු ගොඩවූ බවත් ඔහුව ඊළඟ නැවතුමෙන් බස්වා පැමිණි බවත් ඔහු පොලිසියට කර තිබූ පැමිණිල්ලේ සඳහන්වේ .
බස් රථය රාත්රී 8.00 ට පමණ කළුතරට පැමිණි අතර රාත්රී 8.30 ට පමණ එය ගාල් කිරීම සඳහා පානදුරට ගෙන යමින් සිටියදී යතුරු පැදි දෙකකින් පැමිණි 06 දෙනෙකු උතුරු කළුතර නාගස්හංදියේදී බස් රථය හරස් කර නවතා පහර දුන් බව ඔහු කර තිබූ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන්වේ .
මේ හේතුව නිසා ඉකුත් 28 වැනිදා කළුතර - කොළඹ , කළුතර - පානදුර පෞද්ගලික බස් රථ වර්ජනයක්ද ක්රියාත්මක විය.
බස් රථයේ ආරක්ෂිත කැමරා පද්ධතිය පරීක්ෂා කළ පොලිසිය සැකකරුවන් හා ඔවුන් පැමිණි යතුරු පැදි අත් අඩංගුවට ගන්නා ලදී.
සැකකරුවන් අද (29) කළුතර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .

