Best News Website award
brand logo
logo
දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 4ක් විවෘත කෙරේ

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 4ක් විවෘත කෙරේ

25 November 2026


පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දැදුරු ඔය ජලාශයට ලැබෙන ජල ධාරිතාව පාලනය කිරීමේ අරමුණින්, එහි වාන් දොරටු හතරක් අඩිය බැගින් විවෘත කිරීමට පියවර ගෙන ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


ඒ අනුව, මේ වන විට තත්පරයට ඝන අඩි 2,800ක ජල ධාරිතාවක් දැදුරු ඔයට මුදා හරිමින් පවතින බව එම දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.


ඉදිරි කාලගුණික තත්ත්වය සහ ජලාශයට එකතු වන ජල ප්‍රමාණය මත වාන් දොරටු විවෘත කරන ප්‍රමාණය සංශෝධනය විය හැකි බැවින්, ජලාශයට පහළින් දැදුරු ඔය දෙපස වෙසෙන ජනතාව ගංගාවේ ජල මට්ටම ඉහළ යාම පිළිබඳව සුපරීක්ෂාකාරීව සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටී.

 

More News..