brand logo
ඔන්ලයින් ණය සමාගමට  බුකියෙන් අපහාස කළැයි නඩු

ඔන්ලයින් ණය සමාගමට බුකියෙන් අපහාස කළැයි නඩු

09 April 2024 | ඉෂාර රත්නකාර

ඩිජිටල් හා මාර්ගගත ක්‍රමයට ණය ලබාදෙන මෙරට මූල්‍ය ආයතන අපහාසයට ලක්කරන ලදැයි සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් තිදෙනකුගෙන් රුපියල් මිලියන 4250ක් අයකර දෙන ලෙස ඉල්ලා අත්තනගල්ල දිසා අධිකරණය හමුවේ නඩු 05ක් පවරා තිබේ.

සුදත් පෙරේරා නීතිඥ සමාගම විසින් පවරා තිබෙන අදාළ නඩු සලකා බැලූ අත්තනගල්ල දිසා විනිසුරු කේසර සමරදිවාකර මෙම මස 22 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස විත්තිකාර සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ට නියෝග කළේය.

ඩිජිටල් ඕල්ටනෙටිව් ලෙන්ඩින් ඇසෝසියේෂන් (DALA) සංගමයේ සමාගම් මගින් පැවරූ අදාළ නඩුවල විත්තිකරුවන් ලෙස වේයන්ගොඩ පදිංචි අගම්පොඩිගේ තිවංක චතුරංග ලක්ෂ්මන් හෙවත් ටුටු, ගම්පොළ පදිංචි තරින්ද බණ්ඩාර තිස්කුමාර හා මහව පදිංචි වන්නි අතපත්තු මුදියන්සේලාගේ නිලන්ත කුමාර නම්කර තිබිණි.

ඔන්ලයින් වේදිකාවක් ඔස්සේ ණය ලබාදීම ලෝකය පුරා ව්‍යාප්ත ප්‍රචලිත ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාරයක් බව පෙන්වාදෙන පැමිණිලිකරුවන්, පෝලන්තය, කසකස්තානය, යුක්රේනය, චෙක් ජනරජය, රුමේනියාව, ස්පාඤ්ඤය, වියට්නාමය, ඉන්දියාව ඇතුළු රටවල් 15ක ක්‍රියාත්මක බවද දන්වා සිටියි.

ඔන්ලයින් ණය ලබාදෙන සමාගම්වලට එරෙහිව ෆේස්බුක් සහ වට්ස්ඇප් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සාවද්‍ය හා ද්වේශ සහගත ප්‍රකාශ නිකුත් කරමින් සිදුකරන අපකීර්තියට එක් එක් විත්තිකරුගෙන් රුපියල් මිලියන 500ක් බැගින් සහ මෙතෙක් සිදුකළ හානි සඳහා රුපියල් මිලියන 350ක් බැගින් වන්දි අයකර දෙන ලෙස මෙම නඩු 05 පවරා තිබිණි.

 

More News..