brand logo
logo
නිවෙස්වල තිබෙන ට්‍රිප් ස්විච්වලින් 25% ක් අවුල්

නිවෙස්වල තිබෙන ට්‍රිප් ස්විච්වලින් 25% ක් අවුල්

10 July 2025 | වරුණි පෙරමුණ

නිවෙස්වල සවිකර ඇති ට්‍රිප් ස්විච්වලින් 25 % පමණ ප්‍රමාණයක ගැටලු පවතින බව මහජන උපයෝගිතා කොමිසම සිදුකළ පර්යේෂණයකදී තහවුරු වී තිබේ .


ජාතික අනතුරු නිවාරණ සතිය වෙනුවෙන් ඊයේ (09 වැනිදා ) පැවති මාධ්‍ය හමුවකදී මහජන උපයෝගිතා කොමිසමේ පරික්ෂා කිරීමේ අධ්‍යක්ෂ ලිලන්ත නීලවල මේ බව ප්‍රකාශ කළේය.


එම පරිපථ නිසි අකාරයෙන් පැවතියේනම් නිවෙස්වල ඇති වූ විදුලි අනතුරුවලින් සිදුවන මරණ සංඛ්‍යාවෙන් සියයට 40ක් පමණ වළක්වා ගැනීමට හැකි බවද හෙතෙම මෙහිදී සඳහන් කළේය.


මෙම තත්ත්වයට හේතුව අවම වශයෙන් මසකට එක්වතාවක් හෝ නිවසේ ඇති ට්‍රිප් ස්විචය නිවරැදිව ක්‍රියාත්මක වන්නේද යන්න පිළිබඳව පරික්ෂා කරන ලෙස මහජන උපයෝගිතා කොමිසම ජනාවගෙන් ඉල්ලා සිටියි.


එසේම සතුන්ට ඇටවූ විදුලි උගුල්වල ගැටීමෙන්ද විදුලි මරණවලින් සියයට හතළිහක පමණ පිරිසක් මියගොස් ඇති බව ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.


හදිසි අනතුරුවලින් වැඩි ප්‍රමාණයක් සිදුවන්නේ නිවෙස්වල සහ නිවෙස් ආශ්‍රිතව බවද ‍සෞඛ්‍ය ‍අමාත්‍යාංශය මෙහිදී සඳහන් කළේය.

 

More News..