brand logo
logo
අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට

අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට

18 March 2025

ලංකා සතොස ආයතනය මඟින් අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහළ දමා තිබේ .


ඒ අනුව දුඹුරු සීනි, සුදු කව්පි, ලොකු ළූණු, සුදු ළූණු, අර්තාපල්, ටින් මාළු, රතු පරිප්පු සහ පාම්පිටි යන භාණ්ඩවල මිල ගණන් පහත දමා තිබෙන බවයි වාර්තා වන්නේ.


එම මිල ගණන් පහතින්,


සුදු කව්පි කිලෝවක නව මිල රුපියල් 750ක් වන අතර ඉතිරිය රුපියල් 45කි 


ලොකු ලුණු කිලෝවක නව මිල රුපියල් 160යි. ඉතිරිය රුපියල් 25කි.


සුදු ලුණු කෙලෝවක මිල රුපියල් 575 ක් වන අතර ඉදිරිය රුපියල් 20කි.


අර්තාපල් කිලෝවක මිල රුපියල් 185ක් වන අතර ඉතිරිය රුපියල් 13කි.


ටින් මාළු කිලෝවක මිල රුපියල් 490 ක් වන අතර ඉතිරිය රුපියල් 10කි.


දුඹුරු සීනි කිලෝවක මිල රුපියල් 277ක් වන අතර ඉතිරිය රුපියල් 8කි.


රතු පරිප්පු කිලෝවක මිල රුපියල් 279 ක් වනඅතර ඉතිරිය රුපියල් 4කි


පාන් පිටි කිලෝවක මිල රුපියල් 162ක් වන අතර ඉතිරිය රුපියල් 02කි.

 

More News..