brand logo
logo
හැටන් නගරයේ විශේෂ රථවාහන සැලැස්මක්

හැටන් නගරයේ විශේෂ රථවාහන සැලැස්මක්

15 October 2025 | රංජිත් රාජපක්ෂ - හැටන්

එළබෙන දීපාවලී උත්සව සමය නිමිත්තෙන් හැටන් නගරයට පැමිණෙන පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව උදෙසා හැටන් පොලිසියේ රථවාහන අංශය විසින් විශේෂ රථවාහන සැලැස්මක් දියත් කර ඇත.


හැටන් නගරයේ දැනට අවිධිමත් ලෙස වාහන ගාල් කිරීම හේතුවෙන් නගරයට පැමිණෙන පාරිභෝගිකයන් දැඩි ලෙස පීඩාවට පත් වීම සහ පාසල් වේලාවන් තුල නගරයේ රිය අනතුරු සිදු වීමේ අවධානමක් පවතින නිසා මෙම රථවාහන සැලැස්ම දියත් කල බවයි හැටන් පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් කියා සිටියේ.


ඒ අනුව හැටන් නගරයට පැමිණෙන පාරිභෝගිකයන් වැඩිපුර ගැවසෙන් ස්ථානවල රථවාහන ගාල් කිරිම හෝ නතර කිරිම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.


ඒ සදහා අවශ්‍ය පුවරු හැටන් නගරයේ ස්ථාන කිහිපයකම පොලිසිය විසින් තබා ඇති අයුරු අප කැමරාවේ සටහන් විය.

 

More News..