අයිස් මත්ද්රව්ය සමග මුරවත්තේ සීප්පු අත්අඩංගුවට
15 October 2026
අයිස් මත්ද්රව්ය සමග මුරවත්තේ සීප්පු අත්අඩංගුවට
15 October 2026
මහා පරිමාණයෙන් මත්ද්රව්ය ජාවාරම්කරුවෙකු වන ඔගස්ටස් රොෂාන් නොහොත් 'මුරවත්තේ සීප්පු' අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, වලාන මධ්යම දුෂණ මර්දන ප්රහාරක බලකායේ පොලිස් පරීක්ෂක අකුරණගේ ප්රධානත්වයෙන් යුතු විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අද (15) දින සිදුකළ වැටලීමකදීය.
එහිදී සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්රව්ය ග්රැම් 36 මිලිග්රෑම් 210ක් සහ මත්ද්රව්ය ඇසුරුම් කිරීමට භාවිත කරන විද්යුත් තරාදියක් ද සොයාගෙන තිබේ.
මෙම සැකකරු විසින් ඉතා සූක්ෂම ලෙස මොරටුවැල්ල ප්රදේශයේ පිහිටා තිබූ සිය නිවස වෙත මත්ද්රව්ය රැගෙනවිත් ඇසුරුම් කර මොරටුව සහ ගල්කිස්ස ප්රදේශය ඉලක්කර කර ගනිමින් කලක සිට මෙම අයිස් ජාවාරම සිදුකර ඇති බව සිදුකරන ලද වැඩිදුර විමර්ශනයේදී අනාවරණවී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු පිළිබඳව රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශන සිදු කරන බව පොලීසිය සඳහන් කරයි.
මෙම වැටලීම පොලිස්පති නීතිඥ ප්රියන්ත වීරසූරිය මහතාගේ සෘජු අධීක්ෂණ යටතේ ක්රියාත්මක වන වලාන මධ්යම දූෂණ මර්දන ප්රහාරක බලකායේ අධ්යක්ෂ, සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතාගේ නියෝග හා උපදෙස් පරිදි එම බලකායේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහගේ මෙහෙයවීමෙන් සිදු කරන ලදී.

