අකුණු සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
04 October 2026 | ඩී.කේ රණවීර- වැලිවේරිය
අකුණු සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
04 October 2026 | ඩී.කේ රණවීර- වැලිවේරිය
පවතින අකුණු සහිත දැඩි වර්ෂාවත් සමඟ ඇති වූ අකුණු සැර වැදීමකින් පැපිලිවල ගණිහිගම ප්‍රදේශයේ 52 හැවිරිදි එක් දරු මවක මියගොස් ඇතැයි පූගොඩ පොලිසිය පවසයි
මියගිය දෙදරු මව නිවසේ කිසිවකුත් නොමැති අවස්ථාවකදී නිවසේ වතුර මලකින් දිය නාමින් සිටියදී අකුණු සැර වැදී එම ස්ථානයේම සිහිසුන්ව ඇද වැටී ඇති අතර ඒ සම්බන්ධයෙන් කිසිවෙකුත් දැනුවත් නොවීම මත ඇය එම ස්ථානයේදීම මියගොස් ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
ඇගේ සැමියා හා පුතණුවන් රාජකාරී සඳහා ගොස් නිවසට පැමිණි අවස්ථාවේදී අය පිළිබඳව සොයා බැලීමේදී ඇය දිය නාමින් සිට ස්ථානයේ ඇද වැටී සිටියදී හමුවී තිබේ.
එහිදී ඇයව රදාවාන රෝහලටත් පසුව වතුපිටිවල රෝහලටත් රැගෙන ගොස් ඇති අතර ඒ වන විටත් ඇය මියගොස් ඇති බව රෝහල් බලධාරීහු පවසා ඇත.
පූගොඩ පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.

