කොළඹට මිලිමීටර 129ක වර්ෂාපතනයක්
06 November 2026
කොළඹට මිලිමීටර 129ක වර්ෂාපතනයක්
06 November 2026
අන්තර් මෝසම් කාලගුණික තත්ත්වය සක්රීය වීමත් සමඟ අද (06) පස්වරුවේ ප්රදේශ රැසකට තද වැසි ඇදහැළුණි. ඒ අනුව කොළඹට මිලිමීටර 129ක, මතුගමට මිලිමීටර 95ක සහ බදුරලියට මිලිමීටර් 84ක ඉහළ වර්ෂාපතනයක් වාර්තා වී තිබේ.
අධික වර්ෂාවත් සමඟ හටගත් ජලගැලීම් හේතුවෙන් කොළඹ නගරයේ මෙන්ම තවත් ප්රදේශ රැසක දැඩි රථවාහන තදබදයක් හටගත් බව අප වාර්තාකරුවන් පවසයි.
කොල්ලුපිටිය, ගාලු පාර, බොරැල්ල, මරදාන සහ ආමර් වීදිය ඇතුළු කොළඹ ප්රධාන මාර්ග කිහිපයක මෙන්ම අධිවේගී මාර්ග පිවිසුම් අසල ද පස්වරුවේ දැඩි යටවීම් සහ වාහන තදබදයක් දක්නට ලැබුණි.
මේ අතර නාවලපිටිය නගරය ද ජලයෙන් යටවී ඇති අතර, නාවලපිටිය බස් නැවතුම්පොළ ඇතුළු නාවලපිටිය - මහනුවර ප්රධාන මාර්ගයේ කිලෝමීටරයක පමණ ප්රමාණයක් මෙලෙස ජලයෙන් යටවූ බව වාර්තා වේ.
පවතින අවදානම් තත්ත්වය හමුවේ හැකි සෑම විටම විකල්ප මාර්ග භාවිතා කරන ලෙසත්, ධාවනයේදී ඉතා පරීක්ෂාකාරී වන ලෙසත් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

